හදුන්කූරෙන් සුවදවත් වන වැලිගම ජීවිත

ජන 10, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදේස් රටවල නිෂ්පාදනය කරනු ලබන හදුන්කුරු මෙරටට ආනයන කිරීම තහනම් කිරිම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් දේශීය හදුන්කුරු නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින් ජනාධිපතිතුමන්ට සිය ස්තූතිය පළ කර සිටිනවා.

    වැලිගම බටවල ජනපදයේ බෝහෝ කාන්තාවන් පරම්පරා දෙකක පමණ සිට ස්යං රැකියාවක් ලෙස තම නිවෙස් වල හදුන්කූරු නිෂ්පාදනය කරනු ලබනවා.

    අතීතයේදි අතින් අඹරා හදුන්කූරු නිෂ්පාදනය කරනු ලැබු අතර, විදේස් රට වලින් ආනයන කරනු ලැබු හදුන්කූරු වල ප‍්‍රමිතිය අතින් අඹරා නිෂ්පාදනය කරනු ලබන හදුන්කූරු වල ප‍්‍රමිතියට වඩා වැඩිවිමත් සමග මේ ගමේහි ජනතාවගේ හදුන්කූරු නිෂ්පාදනයට කණ කොකා හැඩලීමට පටන් ගත්තා.

     

    hadunkuuru 3120 01 10

     

    ඒ අභියෝගට මුහුණ දීමේ අරමුණින් මෙම පිරිස විශාල මුදලක් වැය කර නවීන තාක්ෂණයට යොමුවී යාන්ත‍්‍රාණු සාරයෙන් හදුන්කූරු නිෂ්පාදනය කිරිමට පෙළඹිණ. විදේස් රට වලින් ආනයන කරනු ලැබු හදුන්කූරු ලාංකීය වෙළදපොල ආක‍්‍රමණය කර තිබිම මෙම කර්මාන්තයේ නියෙලන ජනාතාවගේ ජීවිත සුවදවත් කිරිමට තිබු ප‍්‍රධාන ගැටලූවක් බවයි, පැවසෙන්නේ.

     

     hadunkuuru 20 01 10

     

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැවති දේශීය කර්මාන්තකරුවා රැක ගැනීමේ අරමුණින් මෙරට නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පිටරටින් ආනයන කිරීම තහනම් කරනු ලබන බවට සදහන් වු කරුණ යාථාර්තයක් කරමින් ඒතුමන් ජනාධිපතිවරයා ලෙස පත්විමෙන් අනතුරුව විදෙස් රට වලින් හදුන්කූරු ආනයනය කිරිම තහනම් කිරිමත් සමග මෙම ජනතාවගේ ජීවිත වලට තමන් නිෂ්පාදනය කරනු ලබන හදුන්කූරේ සුවදවත් බව දැනීමට පටන් ගැනින.

    එමෙන්ම පවතින තත්වය යටතේ, හදුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලාබා ගැනීමේ අපහසුතාවත් එලෙස නිෂ්පාදනය කරනු ලබන හදුන්කූරු මේ පිරිස් වෙතින් මිලදි ගැනිමේ ක‍්‍රමවේදයක් සකස් කර දිමට ආදාළ බළධාරින්ගේ අවධානය යොමු විය යුතු බවයි, මොවුන්ගේ අදහස වන්නේ.

    hadunkuuru 2 20 01 10

     

    ජනාධිපතිතුමන්ගේ මෙම සංකල්පය තුළ දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර විදේස් රට වලට ගලා යන මුදල් රට තුළම රදාවා ගෙන ඒම මුදල් රටේ ජනතාවගේ ජීවිත සුවදවත් කිරීමට හැකි අයුරින් යෙදවිමට හැකියාව ලැබේ.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 14:50

    Latest News