සනත් සාංචි හිදී බෞද්ධ භික්ෂූන්ට ගෞරව දැක්වීම ඉන්දීය මාධ්‍යයේ පැසසුමට

ජන 08, 2020

    සනත් ජයසූරිය මහතා සාංචි හි පිහිටි චේතියගිරි විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ බෞද්ධ භික්ෂූන්ට ගෞරව දැක්වීම ඉන්දීය මාධ්‍යයේ පැසසුමට ලක්වේ.

    ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, සනත් ජයසූරිය මහතා පසුගියදා සාංචි හි පිහිටි ඓතිහාසික චේතියගිරි විහාරස්ථානය වැඳ පුදා ගත්තේය.

    Sana-----01.jpgSana-----02.jpg

    ඒ අවස්ථාවේ බෞද්ධ භික්ෂූන් සමඟ සම අසුන්වල අසුන් ගැනීම ප්‍රතික්ෂේප කළ ජයසූරිය මහතා බිම දණ ගසාගෙන සිටින අයුරු ඡායාරූප වාර්තාවක සටහන් විය. එම ක්‍රියාවට ඉන්දියාවේ මහත් පිළිගැනීමක් ඇති ක්‍රිකට් විශිෂ්ටයෙකු වන සනත් ජයසූරිය පිළිබඳ ඉන්දීය මාධ්‍ය පැසසුමකට ලක් කර තිබේ.

    Sana---03.jpgSana---04.jpg

    Photos - Ambuj Maheshwari (Sanchi)

    සනත් ජයසූරිය මහතා ඉන්දියාවේ බෝපාල්හි විදීසා නගරයේ පැවැත්වූ අන්තර් ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහා ගිය අවස්ථාවේ සාංචි හි චේතියගිරි විහාරස්ථානය වැඳ පුදා ගත්තේය.

    ධර්මාශෝක රජතුමා විසින් කරවන ලද මෙම විහාරස්ථානයේ දැගැබ්වල සර්වඥ ධාතූන් වහන්සේ සහ සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතූන් තැන්පත් කර තිබේ. සාංචි විහාරස්ථානය ධර්මාශෝක රජතුමා විසින් කරවන ලද්දේ ඔහුගේ මුල් බිසව වූ දේවි කුමරිය සිහිපත් කිරීමේ අරමුණිනි.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 18:57

    Latest News