පොලිස් සේවයේ විවිධ තනතුරු සඳහා උසස් වීම් පිරිනැමීමේදී මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් ජාතික පොලිස් කොමිසම හා පොලිස් බලධාරීන්ගේ අවධානය යොමුකොට එම ගැටලු සමථයට පත් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලිය හැකි බව නීතිපතිවරයා ඊයේ (20)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

නව වසර උදාව වෙනුවෙන් ගාලු මුවදොර පරිශ්රය ආශ්රිතව අද (31) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලීසිය නිවේදනය කරනවා.
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි සිථාන මාරුවීම් අනුමත කර තිබෙනවා.

භාවනාවට ගිය ජෙරම් ගුටි පූජාවෙන් නූලෙන් බේරෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (03) දින විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්රකාශයට පත්කරන බව ශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.
පොලිස් රථවාහන රාජකාරියේ නියුතු නිලධාරියෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

Latest News