ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පසුගියදා (11) ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 'ෆියුචර් ට්‍රැවල් එක්ස්පීරියන්ස්' ගෝලීය සම්මාන උළෙලේදී ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත සම්මානයෙන් පිදුම් ලැබීය.

ජීවිත අවදානම නොතකා මාධ්‍ය මෙහෙවරේ නියැලෙමින් සමාජය යහමඟට ගැනීම සඳහා කරන කැපවීම සහ සේවය අගය කිරීමට ලක් කරමින් මාධ්‍යවේදී එන්.පී.ජී.අමිල සම්පත් සම්මානයෙන් පිදුම් ලැබීය.

විශිෂ්ට ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඉන්දීය සිනමාවේ ඉහළම සම්මානය වන 'දදාසාහෙබ් පල්කේ' සම්මානය පිරිනමා තිබේ.

සේදමාවතේ රටවල කීර්තිමත් තානාපතිවරයාට හිමි සම්මානය චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ශානි කරුණාරත්න මහත්මිය හිමිකර ගනී. සම්මාන උළෙල චීනයේ බෙයිජිං නුවරදී උත්කර්ශවත් ලෙස පැවැත්විණ.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Latest News