පොප් රජුගේ සමු ගැනීමට දස වසරක්

ජූනි 25, 2019

    පොප් රජු විරුදාවලිය ලත් අමෙරිකානු සුපිරි ගායක මයිකල් ජැක්සන්ගේ දස වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබේ.

    ඔහු සමුගෙන දස වසරක් පිරුණ ද ජැක්සන් ලෝක සංගීත සම්ප්‍රදායට සහ ප්‍රාසාංගික කලාවට කළ බලපෑම අනුපමේහයයි.

    ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට ඊට අභියෝග කරන්නට නොහැකි වී තිබීම විශේෂත්වයක්. 1958 වසරේ අගෝස්තු 28 වැනි දින අමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දී, මයිකල් ඩොසප් ජැක්සන් උපත ලැබුවේ, නව දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියා ලෙසයි. ඔහු ඇතුළු ජැක්සන් පවුලේ පස් දෙනෙකු මල්වරට ප්‍රසංගයකට සහභාගි වනවිට මයිකල් ජැක්සන්ගේ වයස අවුරුදු 6ක්. එය ජැක්සන් ෆයිව් නමින් ප්‍රචලිත විය.

    මයිකල් ජැක්සන්ගේ පළමු ඒ පුද්ගල ගීත ඇල්බමය නිකුත් කෙරුණේ, 1972 වසරේදී. 1982 දී ඔහු එළිදැක්වූ ත්‍රීලර් ගීත ඇල්බමය ලොව උන්මාදයක් බවට පත්වුයේ, වාර්තාගත අලෙවියක් සනිටුහන් කරමින්. එහි කෝටි 02කට අධික පිටපත් සංඛ්‍යාවක් අමෙරිකාවේ අලෙවි වූ අතර, ලොව පුරා පිටපත් දෙකෝටි හැත්තෑ ලක්‍ෂයක් අලෙවි වී තිබේ.

    මයිකල් ජැක්සන්ගේ ගීත නිර්මාණ ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසකගේ සිත් සතන් පිනවීමට සමත්වූහ. එමගින් ඔහු ඉපයූ සමස්ත ආදායම ඩොලර් මිලියන 750ක්. සිය සංගීත ජිවිතය තුළ ග්‍රැමී සම්මාන 13කට හිමිකම් කියූ මෙම අසහාය පොප් ගායකයා, ලොව වඩාත්ම සාර්ථක රසාස්වාදයකයා ලෙසයි සැලකෙන්නේ. සිය ජීවිත ගමනේදී ඔහු මත්ද්‍රව්‍ය, ළමා අපචාර වැනි චෝදනාවන්ට ද ලක්වූ අයෙක්. ලොව අමරණීය නමක් සනිටුහන් කළ මයිකල් ජැක්සන් ඩොලර් මිලියන ගණනක මුදලක් පුණ්‍යාධාර ආයතන වෙත පරිත්‍යාග කර තිබේ. 

    දශක ගණනාවක් පුරා කෝටි සංඛ්‍යාත රසිකන් පිනවූ පොප් රජු සිය ජීවන සිය ජීවන ගමන නිමා කළේ 2009 ජුනි 25 වැනි දිනයි. හෘදයාබාධයක් ඊට හේතු වී තිබිණ. මෙලොව හැරගොස් වසර 10ක් ගතවී ඇතත්, මයිකල් ජැක්සන්ගේ සංගීත නිර්මාණවලට අදටත් ඇත්තේ අසීමිත ජනාකර්ෂණයක්.

    Latest News