‘විෂම භාග’ෂැංහයි සිනමා උළෙලේ සම්මාන 2ක්

ජූනි 21, 2019

    ‘විෂම භාග’ ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන 2කට නිර්දේශ වේ.

    22වැනි වරට පැවැත්වෙන චී‍නයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SIFF) 'ඒෂියා නිව් ටැලන්ට් අවෝඩ්' සිනමා සම්මානය සඳහා හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මාන ද්විත්වයට ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘විෂම භාග’(The Other Half) සිනමාපටය නිර්දේශ වී තිබේ.

    ඒ අනුව එම චිත්‍රපටයේ තිර රචනය කළ ලලිත් රත්නායක සහ නවක ළමා රංගන ශිල්පි‍යෙකු වන පන්සිලු වික්‍රමරත්න මෙම සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

    ‘විශම භාග’ ඔවුන් දෙදෙනාගේම පළමු අධ්‍යක්ෂණය සහ රංගනය වීම විශේෂත්වයකි.

    කෘෂි රසායනයන්ගෙන් අපවිත්‍ර වූ ජල පරිහරණයෙන් වැළඳෙන මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක් කේන්ද්‍ර කරගත් ‘විෂම භාග’ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය ලෙස සැළකේ.

    මෙම සිනමා නිර්මාණයට ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක රංගනයෙන් දායක වන අතර, නවක ළමා රංගන ශිල්පීන් ලෙස පන්සිලු වික්‍රමරත්න සහ පන්කජ වික්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණය කරති.

    සම්මාන ප්‍රදානෝත්සවය අද (21) දින චීනයේ හයි ෂැන් සංස්කෘතික කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

     

    wishama baga 2 px 900 21 06

     

    wishama baga 2 px 900 21 06

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:49

    Latest News