කැලිෆෝනියාවට හදිසියේ අමුතුම එළියක්

ජූනි 29, 2019

    කැලිෆෝනියාවේ වයින් ප්‍රදේශයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වර්ණවත් විදුල පහන් දහස් ගණනක් දැඩි ජනතා ආකර්ෂණයට ලක්ව තිබේ.

    ඒ අදාළ විදුලි පහන් රාත්‍රී කාලයේ මල් උයනක් ආකාරයෙන් දිස්වීමත් සමගයි. බ්‍රිතාන්‍ය කලාකරුවෙකු වන බෘස් මුන්රෝ විසින් මෙම විචිත්‍රවත් නිර්මාණය සිදුකර තිබේ. ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණයෙන් නිමැවූ වීදුරු බුබුළු පනස් අට දහසක් පමණ නිර්මාණය සඳහා යොදා ගෙන තිබේ.

    අදාළ නිර්මාණය ෆීල්ඩ් ඔෆ් ලයිට් ලෙසයි නම් කර ඇත්තේ. වයින් හි කඳුකර ප්‍රදේශයේ අක්කර 15ක භූමියක නිර්මාණය සිදුකර තිබේ. මෙය සිය ගණනක් ජනතාවගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇත්තේ, එහි ඇති නිර්මාණශීලී බව හා වර්ණවත් බව හේතුවෙන්.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 11:05

    Latest News