පින්නවලට උණහපුලු පැටවෙක්

ජූනි 14, 2019

    පින්නවල සත්වෝද්‍යානයේ උණහපුලු උපතක් සිදුව තිබේ.

    පැටවා බිහිවී ඇත්තේ රානි නමැති උණහපුලු මවටයි. උණහපුලුවා ශ්‍රී ලංකාවෙන් ශීඝ්‍රයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සතෙකු ලෙසයි සැලකෙන්නේ. සිව්පා වර්ගයට අයත් මෙම සත්ව විශේෂය දහවල් කාලයේ නිදා ගැනීමට වැඩි රුචියක් දක්වන අතර, දිවා-රාත්‍රී දෙකෙහිම දෑස් පෙනෙන සත්ව කොට්ඨාසයක්. උණහපුලුවන් වසරකට දෙවරක් පැටවුන් බිහිකරයි. මෙම රතු සහ අළු උණහපුලුවන් වර්ග දෙකක් දැකගත හැකියි.

    පින්නවල සත්වෝද්‍යානයේ උණහපුලුවන් 7 දෙනෙකු ඇත. උණහපුලුවන් නැරඹීමට පැමිණෙන්නේ නම් උදේ 10.00ත් 12.00ත් අතර කාලයේ දී හෝ පස්වරු 2.00ත් 3.00ත් අතර කාලසීමාවේදී පැමිණෙන ලෙස පින්නවල සත්වෝද්‍යාන බලධාරීන් දැනුම් දෙයි.

    Latest News