ශිරාණිගේ “ධ්‍යාන-2 සිතුවම් දැක්ම“ ලයනල් වෙන්ට්ඩ්හිදී

මැයි 24, 2019

    චිත්‍ර ශිල්පිණී ශිරානි නානායක්කාර මහත්මියගේ සිතුවම් දැක්මක් කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී ඊයේ ආරම්භ කෙරිණ.

     

    එය නම් කර ඇත්තේ “ධ්‍යාන-2 සිතුවම් දැක්ම“ යනුවෙන්. දිය සායම් චිත්‍ර කලාව පිළිබඳ ඉහළ ප්‍රවීණතාවක් දක්වන ශිරාණි ආලේඛ්‍ය චිත්‍ර කලාව සම්බන්ධයෙන් ද පෙන්වන්නේ, විශිෂ්ට කුසලතාවක්. නිර්මාණ සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට එක්කර තිබේ. දිය සායම් ඇතුළු මාධ්‍ය රැසකින් කරන ලද සිතුවම් ඊට ඇතුළත්.

    ප්‍රදර්ශනයේ තේමාව “දැනෙන දසුනක නවාතැන්පොළ“ යන්නයි. ශිරානී නානායක්කාර විසින් රචිත “දියසායම් වර්ණයේ රිද්මය“ කෘතිය එළිදැක්වීම ද මෙහිදි සිදු කෙරිණ. ආධුනික චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රයෝජනය සඳහා ඇගේ සිතුවම් දිවියේ අත්දැකීම් හා විෂය පිළිබඳ තොරතුරු රැසක් ඊට ඇතුළත් කර තිබේ.

    Nanayak px 900 24 05 19

    සිතුවම් ප්‍රදර්ශනය ලබන 26 වැනිදා තෙක් උදේ 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.

    Latest News