බොලිවුඩ් නළු අර්ජුන් රාම්පාල් යළි පිය පදවියට

මැයි 23, 2019

    බොලිවුඩ් සුපිරි නළු අර්ජුන් රාම්පාල් සිය සහකාරියගේ දරු ප්‍රසූතිය නිමිති කර ගනිමින් ඇය වෙනුවෙන් උත්සවයක් සංවිධාන කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    සිය සහකාරියවන දකුණු අප්‍රිකානු ජාතික ගේබ්‍රියිලා දෙමෙත්‍රිඑඩ්ස් සමඟ රාම්පාල් තමන් පියෙකු වීමේ සතුට නිමිත්තෙන් ඔවුන් විසින් ගෙන ඇති ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පසුගියදා මුදා හැර තිබුණි.

    අර්ජුන් රාම්පාල් පවසා ඇත්තේ, ඇය තම ජීවිතයට එක් වීමත් - තම ජීවිතය යළි පටන්ගැනීමට ආශිර්වාදයක් වන බවයි. මෙම සතුට සැමරීමට සිය සහකාරිය වෙනුවෙන් මෙලෙස ඔහු උත්සවයක් පැවැත්වීමට සූදානම් වන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. බටහිර සම්ප්‍රදායේ මෙවැනි උත්සව සංවිධාන කර අතර එය දරු ප්‍රසුතිය වෙනුවෙන් සිටින 07වැනි මාසයේ දී පැවැත්වේ. මෙම සැමරුම් උත්සවය මුම්බායි නුවර පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වෙයි.

    එසේම අර්ජුන් රාම්පාල් සිය හිටපු බිරිදි මෙහෙර් ජසියා සහ එම විවාහයේ සිටින දියණියන් දෙදෙනා සමඟ ද තවමත් සමීපව දුක සැප බෙදා ගන්නා බව මාධ්‍ය සදහන් කර තිබේ. ඒ අනුව රාම්පාල්ගේ දියණියන් දෙදෙනා ද සිය පියාගේ ජීවිතයට එකතුවන නව සාමාජිකයා පිළිබඳව බොහෝ සෙයින් සතුටුවන බව පවසා තිබේ. මේ අතර පසුගියදා අර්ජුන් සහ ඔහුගේ සහකාරිය මාලදිවයිනේ ද සංචාරයක නිරතව තිබේ.

    Latest News