වෙසක් කූඩුවෙන් සරුවෙන ජීවිත (ඡායාරූප)

මැයි 16, 2019

    එළැඹෙන වෙසන් සමය සඳහා වෙසක් කූඩු නිර්මාණය කරමින් තම ජීවිකාව සරකර ගැනීමට උත්සහ කරන එකම පවුලක කාන්තාවන් පිරිසක් පිළිබඳව දඹුල්ල,කණ්ඩලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    උණබට උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු දිවයිනේ විවිධ ප්‍රදේශවල අලෙවි කරන බවයි, ඔවුන් පවසන්නේ. තම නිර්මාණ සඳහා හොඳ ඉල්ලුමක් පවතින බව ද මෙම කාන්තාවන් පවසනවා. රුපියල් 800 සිට 1000 දක්වා විවිධ මිල ගණන් යටතේ ඒවා අලෙවි කෙරෙනවා.

    විදෙස් රටවලින් වෙසක් කූඩු ආනයනය කිරීම නිසා, දේශීය වෙසක් කූඩු නිෂ්පාදනයට යම් බලපෑමක් එල්ල වුවද, උසස් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන තම නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ඇති බව ද ඔවුන් කියා සිටියා.

    wesak 06jpg

    wesak 04

    wesak 02

    wesak 03

    wesak 01

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 12:17

    Latest News