සූර්ය බලයෙන් ලෝක වාර්තාවක්

මැයි 30, 2024

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩුබායි ෆෙස්ටිවල් සිටි හි ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.

    ඒ විශාලතම සූර්ය බලශක්ති ආලෝක බල්බ සංදර්ශනය සඳහායි.

    එහිදී ගසක හැඩයට සූර්ය පහන් කූඩු 3,000ක් සකසා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික වෘක්ෂය Ghaf නමින් හැඳින්වෙන අතර මෙම නිර්මාණය එම වෘක්ෂයේ හැඩයට සමාන වේ.

    Al Futtaim Education Foundation හි Universal American School සහ Deira International School හි සිසුන් 1,000 ක් පමණ සති 3ක කාලයක් මේ සඳහා වෙහෙස මහන්සි වී ඇත.

    Ghaf නියඟයට ඔරොත්තු දෙන ගසක් වන අතර, එයට කටුක කාන්තාර පරිසරවල පවා හරිතව පැවතිය හැකිය. Ghaf සත්ව හා ශාක විශේෂවල පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ.

    කාන්තාර පරිසරයේ, ස්ථාවරත්වයේ සහ සාමයේ ඓතිහාසික හා සංස්කෘතික සංකේතයක් වන බැවින් Ghaf එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික වෘක්ෂය ලෙස සැලකෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 17:03

    Latest News