දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම ( වැලිගම හා කනංකේ) යා නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
වැලිගම දෙසට අඩි 1 1/2 පමණ හා කනංකේ දෙසට අඩි 4 ක් පමණ, වැලිගම ඉමදුව පාරේ වතුර පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ලොකු වාහන දැනට වැලිගම දෙසට ගමන් කළ හැකි අතර කනංකේ දෙසට ගමන් කළ නොහැකි.
ඒ
අනූව, කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුව ද, මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුව ද, පිටවීම සඳහා භාවිතා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.