'2022 රූ කිරුළ' මූලික වටයේ තරග ඇරඹේ (වීඩියෝ)

පෙබ 19, 2022
  • ජාතික රූපවාහිනී රූ කිරුළ 2022 සඳහා මූලික වටයේ තරග අද ආරම්භ වුණා. රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන මූලික වටයේ තරග සඳහා දිවයිනේ නන් දෙසින් රුවැත්තියන් විශාල පිරිසක් එක්ව සිටියි.

    මෙම රුවැත්තියන් අතරින් අවසන් වටය සඳහා රුවැත්තියන් දස දෙනෙකු තෝරා ගැනේ. ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් ඔවුන් තෝරාපත්කර ගැනේ.

    ජාතික හා ජාත්‍යන්තර රූ රැජිණ තරග නිර්මාණ අධ්‍යක්ෂ ලෝචිං වොං, ප්‍රවීණ නර්ථනවේදී ආචාර්ය චන්න විජේවර්ධන, ජනප්‍රිය රංගන ශිල්පිණී උදාරි පෙරේරා, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි සමන්ත ගුණසේකර, ජනප්‍රිය රංගන ශිල්පිනී සදනි ප්‍රනාන්දු එම විනිසුරු මඩුල්ලයි.

    මීට සමගාමීව ඡවි කල්‍යාණය, කේෂ කල්‍යාණය, දන්ත කල්‍යාණය, නේත්‍ර කල්‍යාණය, රූ සපුව යනාදී අනුතරග වට කිහිපයක් යටතේ ද රුවැත්තියන් තෝරා පත් කර ගැනීමට නියමිතයි. මෙහි නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය නවලිය පුවත්පතයි.

    Latest News