සීනි පිරවූ තේ හැන්දක හැඩ පක්ෂීන්

ජන 04, 2022

    කුරුළු රංචු පියඹා යන විට අහසේ මනරම් දසුන් මවනු අප දැක තිබේ.

    අපූර්ව හැඩතල මවමින් පක්ෂීන් රෑනක් පියඹා යන ආකාරය ඡායාරූප ගත කිරීමට ඊශ්‍රායල වනසත්ව ඡායාරූප ශිල්පියෙක් සමත් විය.

    'ඇල්බට් කෙෂට්' නමැති ඡායාරූප ශිල්පියා, මෙම ඡායාරූපය ගෙන ඇත්තේ, උතුරුදිග ජෝර්දාන් නිම්නයේදී.

    එහිදී සිනී පිරවූ තේ හැන්දක් සේ දිස්වන අයුරින් පක්ෂීන් පියඹා යන ආකාරය ඔහුගේ කැමරා කාචයට අසුවිය. තමා ඒ සඳහා පැය 5කට අධික කාලයක් කුරුළු රෑන දෙස බලා සිටි බවයි, ඡායාරූප ශිල්පියා ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 15:56

    Latest News