වෙල්ලස්ස සිනමා උළෙල

පෙබ 21, 2019

    ජනවර්ග අතර හා ජන කණ්ඩායම් තුළ ජාතික සමගිය, ගැටුම් හා සාමය, විවිධත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් යන තේමාවන් ඔස්සේ සංවිධානය කරන වෙල්ලස්ස සිනමා උළෙල ඊයේ(20) ආරම්භ විය.

    බදුල්ල හා ඒ අවට ජනයාට නොමිලේ ප්‍රදර්ශනය කරන මෙම චිත්‍රපට උළෙල බදුල්ල රෙක්ස් සිනමා ශාලාවේදී 22 වනදා දක්වා පැවැත්වේ.

    ෆිල්ම් ‍ෆෝ ඩයලොග් ව්‍යාපෘතිය යටතේ ජර්මන් රජයේ හා යුරෝපා ප්‍රජාවේ සම ආධාර ඇතිව GIZ හා ක්‍රිස්ලිස් ආයතන මෙය සංවිධානය කරයි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යලය, කොළඹ විශ්වවිද්‍යලය, ඌව ශක්ති පදනම, ඌව පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජාතික තරුණසේවා සභාව, සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක සහයෝගත් මේ සඳහා හිමිව තිබේ.

    ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ සිනමාකරුවන් විසින් නිර්මාණය කළ වෘතාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට මෙහිදී ප්‍රදර්ශන කරන අතර සෑම චිත්‍රපට දර්ශනයකින්ම පසු සිනමාව පිළිබදව විශේෂඥයන් විසින් මෙහෙයවන සංවාද මංඩපයක් පැවැත්වේ.

    පාසැල් හා විශ්වවිද්‍යලය සිසුන්, සිවිල් සමාජය, ශාස්ත්‍රඥයන්, සිනමා විචාරකයන් හා කලාකරුවන් ඇතුළු විවිද අංශන්හි සිනමා ලෝලීන් මෙම චිත්‍රපට උළෙලට සහභාගී වෙයි.

    Latest News