'උතුරු සුළඟ' මංගල දර්ශනය එළිදකී

අප්‍රේ 24, 2021

    'උතුරු සුළඟ' චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ කොළඹ දී පැවැත්විණ.

    මේ චිත්‍රපටය, තරුණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ කුලුදුල් සිනමා නිර්මාණයයි.

    ආදර කතාවක් තේමා කර ගනිමින් 'උතුරු සුළඟ' චිත්‍රපටය නිර්මාණය කර තිබේ. ශ්‍රියන්ත මෙන්ඩිස්,බිමල් ජයකොඩි, සුජානි මේනකා, කවින්ද්‍යා දුල්ශානි, සුලක්ෂණ හේරත් ඊට රංගනයෙන් දායක වෙයි.

    මංගල දර්ශනය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ ලිබර්ටි සිනමාහලේ දී පවත්වනු ලැබීය.

    Latest News