“සැළලිහිණි වසන්තය-2019“ ඇරඹේ

ජන 16, 2019

    නුවරඑළිය වසන්ත සමයට සමගාමීව සංවිධාන කෙරෙන “සැළලිහිණි වසන්තය-2019“ මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

    එය සංවිධාන කරන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ නුවරඑළිය මහනගර සභාව එක්වයි. වාර්ෂිකව පැවැත්වෙන “සැළලිහිණි වසන්තය“ අප්‍රේල් මස පළමුවැනිදා ඇරඹේ.

    වසන්ත සමය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන් සඳහා විශේෂ වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වේ. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ.

    නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ අනුග්‍රාහක භවතුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 11:41

    Latest News