වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව සහ සම්මානනීය නාලිකාව; ජාතික රූපවාහිනිය

සැප් 20, 2020

    වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව සහ වසරේ සම්මානනීය නාලිකාව ලෙස ජාතික රූපවාහිනිය නැවතත් සම්මානයට පාත්‍රවිය.

    ඒ ඊයේ රාත්‍රී පැවති “රයිගම් ටෙලීස් 2019“ සම්මාන උළෙලේදී. මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ 16 වැනි වරටයි. 

    මාධ්‍ය විශිෂ්ටතා සහ ටෙලි නාට්‍ය විශිෂ්ටතා යන අංශ දෙක යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණ. ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “සෙල්ලම් කරත්තය“ ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේ හේෂාල් නවීන්.

    “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍යයේ දැක්වූ රංගන කුසලතාවය සඳහා ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේ අකිඳු මෙනුජ බණ්ඩාර විසින්.

    “වැවක් වගේ කතක්“ වාර්තා වැඩසටහන නිර්මාණය කළ ජාතික රූපවාහිනියේ සන්ධ්‍යා විතානවසම් පූරියේ විශේෂ ඇගයීම් සම්මානයට පාත්‍රවූවාය.

    Sandaya px 900 20 09 20

    ජාතික රූපවාහිනියේ විකාශය වූ “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍යයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් නෙතලි නානායක්කාරට ජූරියේ විශේෂ ඇගයුම් සම්මානයක් හිමිවූවාය.

    වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන සඳහා නිර්දේශිත නාම ත්‍රිත්වයම ජාතික රූපවාහිනිය සතු වූ අතර “නොලේජ් ෆ්‍රස්ට් මන්ඩේ“ අධ්‍යාපන වැඩසටහන අධ්‍යක්‍ෂණය කළ ජානක සුජීව ජයකොඩිට සම්මානය හිමිවිය.

    Janaka px 900 20 09 20

    වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය “අපරාරම්බ“ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ සන්තුස ලියනගේට හිමිවිය.

    Santusa px 900 20 09 20

    සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්‍ෂණය කළ අජන්ත අලහකෝන් වසරේ විශිෂ්ටතම කලා අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකර ගත්තේය.

    සිසිකිරණ පරණවිතාන විශිෂ්ටතම කැමරා අධ්‍යක්‍ෂණයට හිමිසම්මානය හිමිකර ගත්තේ “සුදු ඇඳගෙන කළු ඇවිදින්“ ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්‍ෂණය වෙනුවෙන්.

    විශිෂ්ටතම ශබ්ද පටිගත කිරීම සඳහා වන සම්මානය එස්. රාජේන්ද්‍රන් විසින් හිමිකර ගත්තේ “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍යයේ ශබ්ද පටිගත කිරීම සඳහායි.

    “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍ය සංස්කරණය කළ ජගත් වීරතුංග වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණයට හිමි සම්මානය හිමිකර ගත්තේය.

    ගයාන් ඝනකධාර විශිෂ්ටතම සංගීත අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමි කරගත්තේ “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන්.

    “සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් මිෂෙල් දිල්හාරා වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමිකර ගත්තාය.

    කනිෂ්ක සේවියර් වසරේ විශිෂ්ටතම සහය නළුවාට හිමි සම්මාන දිනාගත්තේ “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්.

    “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍යයේ ම විශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි සම්මානය හිමිකර ගත්තේ දිනූපා කෝදාගොඩයි.

    නාමල් ජයසිංහ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනයට හිමි සම්මානය දිනා ගත්තේය. ඒ “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍යයේ තිර රචනය වෙනුවෙන්.

    වසරේ ජනප්‍රියතම නිළියට හිමි සම්මානය හිමිකර ගත්තේ ශලනි තාරකා.

    රවීන් කණිෂ්ක වසරේ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය මිහිකර ගත්තේය.

    මෙරට සංගීත ක්‍ෂෙත්‍රය වෙනුවෙන් කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් විශාරද මනෝජ් පීරිස් රයිගම් ටෙලීස් විශේෂ ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය.

    දශක ගණනාවක් පුරා මෙරට සිනමාවට සහ ටෙලි නාට්‍යකරණයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ලියෝනි කොතලාවල විශේෂ ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවාය.

    ජිවිතයේ එක් වතාවක් පමණක් හිමිවන රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයට මෙවර හිමිකර ගත්තේ ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාව වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් දැක්වූ විශිෂ්ට මෙන්ම ජ්‍යෙෂ්ඨ සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් මහත්මියයි.

    2019 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය “සුදු ඇඳගෙන කළු ඇවිදින්“ ටෙලි නාට්‍යයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ආනන්ද කුමාරගේ උන්නැහේ හිමිකර ගත්තේය.

    හොඳම නිළියට හිමි සම්මානය හිමිකරගත්තේ ශලනි තාරකා.

    “වීරයා ගෙදර ඇවිත්“ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ආනන්ද අබේනායක වසරේ විශිෂ්ටතම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකර ගත්තේය.

    මෙරට ප්‍රේක්‍ෂකයන්කේ රස වින්දනය වෙනත්ම මාවතකට යොමු කළ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “සුදු ඇඳගෙන කළු ඇවිදින්“ ටෙලි නාට්‍ය වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය ලෙස සම්මානයට පාත්‍රවිය.

    ටෙලි නාට්‍ය විශිෂ්ටතා කුලකය යටතේ සම්මාන 14ක් දිනා ගනිමින් ජාතික රූපවාහිනිය වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව ලෙස සම්මානයට පාත්‍රවිය.

    2019 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී මාධ්‍ය නාලිකාවක් හිමිකරගත් වැඩිම සම්මාන ප්‍රමාණය වන සම්මාන 20කට හිමිකම් කියමින් ජාතික රූපවාහිනිය වසරේ සම්මානීය නාලිකාව ලෙස ද සම්මානයට පාත්‍රවිය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන් සහ සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය සම්මානය ලබාගැනීමට එක්වූහ.

    වසර 38ක් පුරා ජාතික රූපවාහිනිය මෙරට ප්‍රේක්‍ෂකයන්ගේ රස වින්දනයට විශිෂ්ට නිර්මාණ දායාද කළ මාධ්‍ය නාලිකාවක්. එය නැවතත් රයිගම් ටෙලීස් 2019 සම්මාන උළෙලේදී යළි කාගේත් අවධානයට යොමුවිය.

    Last modified on සදුදා, 21 සැප්තැම්බර් 2020 08:34

    Latest News