ජයලත් මනෝරත්නයන්ගේ අවසන් චිත්‍රපටය “මිස් ජෙනිස්” (වීඩියෝ)

සැප් 26, 2020
  • ප්‍රවීණ ටෙලි නිර්මාණවේදී ටී.ජී. සුසිරන් ද සිල්වාගේ ප්‍රථම සිනමා නිර්මාණය “මිස් ජෙනිස්” චිත්‍රපටයේ මංගල දැක්ම කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී ඊයේ පැවැත්විණ.

    “පිය සෙනෙහසක අභිමානය” තේමාව කරගත් “මිස් ජෙනිස්” චිත්‍රපටය කලාත්මක සිනමාවට නව ප්‍රවේශයක් එක්කර තිබේ.

    ප්‍රවීන රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන් කාන්තාවක ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරන “මිස් ජෙනිස්” ඔහු රඟපෑ අවසන් චිත්‍රපටයයි.

    ගිරිරාජ් කෞශල්‍ය, ජයලාල් රෝහණ, දුලීකා මාරපන, රොෂාන් රණවන ඇතුළු රංඟන ශිල්පීන් රැසක් ඊට රංගනයෙන් දායකවේ. චිත්‍රටයේ පිටපත රචනා කරනු ලැබුවේ ද ටී.ජී. සුසිරන් ද සිල්වා විසින්.

    ජාතික රූපවාහිනියේ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සුසිරන් ද සිල්වා නිර්මාණය කළ එකට ගැටුම, ඉසුරු යෝගය වැනි ටෙලි නාට්‍ය පුළුල් ප්‍රේක්‍ෂක ආකර්ශනයක් දිනා ගත්තේය.

    චිත්‍රපටයේ නිෂ්පාදක වෝල්ටර් අබේසුන්දර, ප්‍රවීන කලාකරු ලක්‍ෂ්මන් විජේසකෙර මෙහි සංගීත අධ්‍යක්‍ෂණය කළ අතර, එය ඔහුගේ ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්‍ෂණයයි. “මිස් ජෙනිස්” චිත්‍රපටය අද සිට දිවයින පුරා සිනමාහල්වලදී නැරඹිය හැක.

    Last modified on සෙනසුරාදා, 26 සැප්තැම්බර් 2020 20:08

    Latest News