නුවරඑළියට මල් තුහින වැටේ

ජන 06, 2019

    නුවරඑළිය නගර සීමාවේ ස්ථාන කිහිපයකටම අද අලුයම මල් තුහින පතිත වූ බව අප වාර්තාකරු පවසයි.

    නගර සභා ක්‍රීඩා පිටිය, තුරඟ-තරඟ පිටිය, ගෝල්ෆ් ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන කිහිපයක්ම ඒ අතර වේ. අද අලුයම නුවරඑළිය ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 6ක් ලෙසයි.

    මේ දිනවල ප්‍රදේශයට දැඩි ශීත කාලගුණයක් පවතින අතර, අලුයම් කාලයේ මල්තුහින පතිතවන ආකාරය ද දැකගත හැකිවේ. දෙස්-විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටිති. මල්තුහින හේතුවෙන් තේ සහ එළවළු වගාවන්ට බලපෑමක් එල්ල වී ඇති බව ද වාර්තාවේ.

    snow px 900 19 01 06

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 12:19

    Latest News