යුරෝපයේ සුප්‍රසිද්ධ කෞතුකාගාර යළි විවෘතයි

ජූනි 02, 2020

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු යුරෝපීය සුප්‍රසිද්ධ කළා කෞතුකාගාර කිහිපයක් මේ වන විට යළි විවෘත කර තිබෙනවා.

    බී බී සී ප්‍රවෘත්ති වෙබ් අඩවිය පවසන්නේ කෙසේ වෙතත් මෙම කෞතුකාගාර වලින් ලාබ ඉපයීමට නම් තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බවයි. මේ වන විට විවෘත කර ඇති කෞතුකාගර නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ සීමිත පිරිසකට පමණයි. මේ අතර එලෙස නැරඹීමේ හැකියාව ලැබෙන්නේද අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර කළින් වෙන් කර ගන්නා අයට පමණක් පවයි බී බී සී ප්‍රවෘත්ති වෙඩ් අඩවිය සදහන් කර තිබෙන්නේ.

    සාමාන්‍යයෙන් ඇම්ස්ටර්ඩෑම් හි දැවැන්ත හා ලෝක ප්‍රසිද්ධ කෞතුකාගාරය නැරඹීමට මෙම කාලයට පෙර දිනකට නරඹන්නන් 12,000 ක් පමණ පැමිණනවා. නමුත් ඉදිරියේදී මෙම පිරිස ඉතා අඩු වනු ඇති බවයි වාර්තා වන්නේ.

     112606062 caravaggionarcissuspalazzobarberini2

     112606532 fine arts musuem bilbao getty

     

     

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 15:54

    Latest News