සොබාදහමේ ආශිර්වාදයෙන් ඕසෝන් සිදුරත් වැසී ගිහින්ද?

අප්‍රේ 27, 2020

    ලෝකයේ පාරිසරික අනතුරක් ලෙස කාලයක් තිස්සේ අවධානයට ලක් වූ ‘ඕසෝන් සිදුර’ තවදුරටත් නොපවතින බවට වායුගෝල නිරීක්ෂණ ආයතනයක් නිවේදනය කරයි.

    වර්ග කිලෝමීටර් මිලියනයක් එනම්, ලංකාව මෙන් එකහමාරක ප්‍රමාණයට මෙම ඕසෝන් සිදුර වර්ධනය වූ ආකාරය විද්‍යාඥයන් විසින් විස්තර කරනු ලැබුවේ, ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් අඩංගු රසායනික සංයෝග නිසා සිදුවූවක් ලෙසයි.

    ශීතකරණ, වායුසමන යන්ත්‍ර හා සුවඳ විලවුන් සඳහා කාලයක් භාවිත කළ CFC වායු භාවිතය මේ නිසාම තහනම් විය.

    කෙසේවෙතත් මෙම ඕසෝන් සිදුර පසුකාලයක වැසී ගිය බවට මත පළ වුණා.

    මෑතකදී එවැනි සිදුරක් හටගෙන ඇත්තේ ආක්ටික් කලාපයේ අඩු උෂ්ණත්වය නිසා බවටද වාර්තා විය.

     

    Latest News