මැදගමට පැමිණි ආගන්තුක සමනළයා

ජූනි 03, 2020

    මාදම්පේ - මැදගම ප්‍රදේශය පුරා ස්ථාන කීපයක දී ආගන්තුක සමනළ විශේෂ දක්නට ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

    වැඩියෙන් මල් ඇති ගස් වල මෙම සමනළ විශේෂය දක්නට ඇත. රාත්‍රී කාලයේ පියාඹා යන මෙම සමනළයා දිවා කාලයේ දී ගස් වල සහ විදුලි රැහැන් වල රැදී සිටින බවක් ද දක්නට තිබේ. ආගන්තුක සමනළ විශේෂය ආක්‍රමණශීලී කෘමියෙක් නොවන බවට විශ්වාස කරන්නේ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාදම්පේ සහකාර අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසයි.

    ආක්‍රමණශීලී කෘමියෙක් නොවන බවට විශ්වාස කළත් මෙම සත්ත්ව විශේෂය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සදහා පේරාදෙණියේ පිහිටි කීට විද්‍යා අංශයට සාම්පල යොමු කරන බව ද සහකාර අධ්‍යක්ෂිකාව පැවසුවාය. එමෙන්ම මෙම සත්ත්ව විශේෂයෙන් වගාවන් වලට හානි සිදු වන්නේ දැයි අවධානයෙන් සිටින බවද ඇය සදහන් කළාය.

    Latest News