Maximile සන්නාමය යටතේ එන්ජින් සහ ගියර් ඔයිල්

නොවැ 29, 2018

    ලංකා අයිඕසී හි අනුබද්ධ සමාගමක්වන මහේන්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් දේශීය මොර්ටර් රථ වෙළඳපොළ සඳහා Maximile සන්නාමය යටතේ එන්ජින් සහ ගියර් ඔයිල් හඳුන්වාදෙයි.

    ලංකා අයිඕසී සතු ශක්තිමත් කීර්ති නාමය, උසස් ප්‍රමිතිය සහ පුළුල් බෙදාහැරීමේ ජාලය සමඟ පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිකර දීමට මෙම සබඳතාව මඟින් හැකිවනු ඇතැයි මහේන්ද්‍රා උපසභාපති සංජේ ජාදව් මහතා පවසයි.

    අයිඩියල් සමූහයේ උපසභාපති අරවින්ද ද සිල්වා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ දශකයකයකට අධික කාලයක සිට මහේන්ද්‍රා සමාගම සමඟ පවත්වන්නා වූ සබඳතාව පිළිබඳ තමන් ආඩම්බරවන බවයි. එසේම පනස්දහසකට අධික මහේන්ද්‍රා වාහන ප්‍රමාණයක් මෙරට තුළ ධාවනයට එක්කර ඇති අතර IOC – Maximile නිෂ්පාදන හරහා වාහනවල නඩත්තු පිරිවැය අඩුවේ.

    මෙම හඳුන්වා දීමේ අවස්ථාවට අයිඩියල් සමූහයේ ප්‍රධාන නිලධාරීන් රැසක් සහ අයිඕසී සමාඟම නියෝජනය කරමින් එහි කලමනාකරණ අධ්‍යක්ෂ ෂාම් බෝරා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

     

    Latest News