අමෙරිකාවෙන් චීනයට බදු නැති කාර්

දෙසැ 04, 2018

    අමෙරිකාවෙන්, චීනයට අපනයනය කෙරෙන මෝටර් රථවලට පනවා ඇති බදු ඉවත් කිරීමට චීනය එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ජී - 20 සමුළුවට සමගාමීව, දෙරටේ රාජ්‍ය නායකයින් පැවැත්වූ සාකච්ජාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් ඔස්සේ මේ බව නිවේදනය කළේය. නමුත්, චීනය මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ නොකළ බව, විදෙස් මාධය පවසයි. චීනය අමෙරිකාවෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා 40%ක බද්දක් පනවා තිබේ.

    අමෙරිකාව ද පසුගියදා චීනයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා 40%ක බදු පැනවීමට තීරණය කළේය. මේ හේතුවෙන්, දෙරටේ වෙලෙඳ යුද්ධය තීව්ර වූ බව, ආර්ථික විශ්ලෝශකයෝ පවසති.

    Latest News