'තෝමස් කුක්' බංකොලොත්

සැප් 23, 2019

    ලොව පැරණිතම සංචාරක සමාගම ලෙස සැලකෙන තෝමස් කුක්,බංකොලොත් භාවයට පත්ව තිබේ.

    සමාගම් නියෝජිතයන් හා මූල්‍යමය සමාගම් අතර පැවති සාකච්ජා අසාර්ථකවීමත් සමග අද වන විට සමාගම මුළුමනින්ම කඩා වැටී ඇතැයි, සදහන්. තෝමස් කුක්, රටවල් 16ක වසරකට මිලියන 19ක පමණ සංචාරයකින්ට හෝටල්,නිවාඩු නිකේතන හා ගුවන් ගමන් අදිය සංවිධාන කරයි.

    මේ වින විටත් ලක්ෂ 8ක පමණ ජනතාවක් තෝමස් කුක් හරහා විදේශිය සංචාරවල නිරතව සිටින අතර, ඔවුන් නැවත බ්‍රිතාන්‍ය වෙත ගෙන්වා ගැනීමට රජයට සිදුව තිබේ. සමාගම්වලට මහත් දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුව තිබේ.

    බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, සිය ගනුදෙණු නතර කර ඇති තෝමස් කුක් සමාගම, ඉදිරි සති දෙක තුළ බ්‍රිතාන්‍ය ගනුදෙණුකරුවන් එක් ලක්ෂ පනස් දහසකට අධික සංඛ්‍යාවක් නැවත සිය රට වෙත ගෙන්වා ගත යුතු බවයි. සමාගමේ බිඳ වැටීමත් සමග ඊට අනුබද්ධ ලොව පුරා රැකියා විසි දහසකට අධික සංඛ්‍යාවක් අවදානමට ලක්ව තිබේ. ඊයේ වන විටත් විදේශයන්හි සිටින බ්‍රිතාන්‍ය සංචාරකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා හිස් ගුවන් යානා පිටත්කර යවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 11:30

    Latest News