අන්තර්ජාල වෙළඳාමේ දැවැන්ත පියවරක් සමගින් එන Caboo

සැප් 24, 2019

    ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාලතම අන්තර්ජාල වෙළදාමේ (E-Commerce) දැවැන්ත පියවරක් තබමින් රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා තැබීමේ ව්‍යාපෘති රැසක් රැගෙන Caboo ජනතාව අතරට පැමිණෙයි.

    ලංකාවේ කුඩා පරිමාණයේ නිශ්පාදකයාගේ සිට මහා පරිමාණයේ නිශ්පාදකයින් දක්වාම තමන්ගේ නිශ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළදපොළට විවෘත කරගැනීමේ අවස්ථාව ලබාදෙමින් Caboo ජනතාව හමුවට පැමිණෙන්නේ ඇමරිකාව, යුරෝපය, මැද පෙරදිග, හා ආසියානු වෙළදපොළ ඉලක්ක කරගත් අලෙවි වැඩසටහනක්ද සමගය. Caboo Mall හා Caboo Delivery, Caboo Case ලෙස මෙය ක්‍රියාත්මක වේ.

    ටැක්සි සේවයක් ලෙස පමණක් ජනතාව හමුවට පැමිණීමට සිටි Caboo තවත් පියවරක් ඉදිරියට තබමින් රටේ ආර්ථිකයට සෘජු දායකත්වයන් ලබාදෙන සේවාවන් ජන ගත කරන්නේ ටැක්සි සේවයක් ලබාදෙන මූලික සේවාවන්ට අමතර දැවැන්ත ව්‍යාපාරික අවස්ථාවන් උදා කරමිනි.

    Caboo නවතම පෙරළිය ගැන අදහස් දක්වන Caboo හෝල්ඩිංස්හි සභාපති වේරංග විතානආරච්චි මෙසේ පවසයි.

    "Caboo දැන් දැවැන්ත අන්තර්ජාල වෙළදාම් ජාලයක් ලෙස තමයි ජනතාව අතරට පැමිණෙන්නේ. කොළඹ සිටින මහා පමාණයේ ව්‍යාපාරිකයන්ගේ සිට ඈත ගමක සිටින කුඩා පරිමාණයේ නිශ්පාදකයා දක්වාම තමන්ගේ නිශ්පාදන ජාත්‍යන්තර වෙළදපොළට විවෘත කිරීම සදහා අවස්ථාව ලබාදෙනවා. ජංගම දුරකතනයට Caboo ඇප් එක භාගත කිරීම මගින් තමන්ගේ නිශ්පාදන විදේශීය වෙළදපොළවල් වල සිටින ගැනුම්කරුවන් වෙත යොමු කිරීමේ අවස්ථාව ලංකාවේ නිශ්පාදකයින්ට හිමිවෙනවා. ගැනුම්කරුවෙක් භාණ්ඩයක් මිලදී ගැනීම සදහා විමසීම් කළ විට අදාල සාම්පල ලබාදීමේ සිට නිසි ආකාරයෙන් පාරිභෝගියකයාට ලබාදීම දක්වා Caboo සම්බන්ධ වෙනවා. උදාහරණයක් ලෙස ඇසුරුම්වල ගැටලුවක් තිබෙනවා නම් ඒකට අවශ්‍ය විසදුම් ලබා‌ දෙනවා. නැව් ගත කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ සදහාත් මැදිහත් වෙනවා. ඔනම භාණ්ඩයක් ඔනම තැනකට රැගෙන යාමට අපි කටයුතු කරනවා."

    මේ අතර භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය අයෙක්ට ඔනෑම දෙයක් ඔනෑම තැනකට ගෙනගොස් භාරදීමේ කටයුත්තටද Caboo සම්බන්ධ වෙයි.

    " සුපිරි වෙළද සංකීර්ණයක සිට සාමාන්‍ය සිල්ලර බඩු කඩයක් දක්වා ඔනම තැනකින් තමන්ට අවශ්‍ය දේ මිලදී ගෙන ගෙදරටම ගෙන ගොස් භාරදීමේ සේවාවද අපි ක්‍රියාත්මක කරනවා" වේරංග විතානආරච්චි පැවසුවේය.

    Caboo හුදෙක් ටැක්සි සේවාවක් ලෙස ආරම්භ නොකර නවීන ලෝකයට ගැලපෙන බොහෝ දේ ලබාදෙන්නේ පාරිභෝගිකයින්ට හොදම සේවයක් සපයමින්ය.

    "ලංකාවේ දැන් ටැක්සි සේවාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒත් අපි තමයි අදටත් ලංකාව පුරාම විශාල ශාඛා ජාලයක් තියෙන එකම ආයතනය වෙන්නේ. ලංකාව පුරා අපේ සේවාවන් සපයන ශාඛා පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මේ නිසා තමයි හුදෙක් ඊ - ටැක්සි සේවාවක් නොවී ඊට වඩා වැඩි දෙයක් ජනතාවට ලබාදීමට අපි කටයුතු කරන්නේ" ආචාර්ය ටී. රොෂාන් පැවසුවේය.

    Caboo තුළ දක්නට ලැබෙන අනෙකුත් සුවිශේෂීත්වය වන්නේ සිය තේමාව සැබෑ යතාර්ථයක් බවට පත් කරමින් සුරක්ෂිත ගමනාන්තයක් ළගාකරදීමය.

    "සේෆර් ට්‍රැවල්, බෙටර් ලිවිං කියන දේ තමයි අපේ තේමාව වන්නේ. මේ තේමාව අනුවම සුරක්ෂිත ගමනාන්තයක් ලබාදීමට අපි කටයුතු කරනවා. මෙහි තිබෙන විශේෂත්වයක් වෙන්නේ කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ විශේෂිත සේවාවන් ලබාදීමයි. උදාහරණයක් ලෙස පිරිමි අයෙක් සමග තනිවම වාහනයේ ගමන් කිරීමට සිදුවීම නිසා සමහර අවස්ථාවලදී කාන්තාවන් කැබ් සේවාවක් ලබාගන්නේ නෑ. අනෙක් අතට පිරිමි අය සමග ගමන් කිරීමට සිදුවන නිසා බොහෝ අවස්ථාවලදී කාන්තාවන් තමන්ගේ වාහනය කැබ් සේවාවක් සමග එකතු කරන්නේ නෑ. මෙයට විසදුමක් ලබාදෙමින් අපි කාන්තාවන්ට කාන්තා රියදුරන් සමග තමන්ගේ ගමන තෝරා ගැනීමටත්, කාන්තා රියදුරන්ට කාන්තාවන් සමග කාන්තාවක් සමග පමණක් ගමනක් යාමට තිබෙනවා නම් කාන්තා රියදුරන්ටද දිරිදීමක් වෙනවා. එවිට කාන්තාවකට තමන්ගේ වාහනය අරගෙන එහි ලීසිං වාරික ගෙවාගෙන යාමට අමතර ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා" වේරංග විතානආරච්චි සදහන් කළේය.

    ටුක් ටුක් ලේඩි, ජූනිය ලේඩි, බඩි ලේඩි, කන්ෆි ලේඩි ලෙස අලුත් අංග හදුන්වාදී තිබෙනවා.

    ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අලෙවි අධ්‍යක්ෂ ලෙස Caboo සමග සම්බන්ධවී ඇත්තේ ව්‍යාපාරික අරමුණු ඉක්මවා ගිය සමාජ වගකීම් ඉටුකරමින්ය. ඉරාජ් වීරරත්න අලෙවි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතරවාරයේම සමාජ සත්කාරක වැඩසටහන්වලට ද දායකත්වය ලබාදෙයි

    " ආබාධිත රණවිරුවන්ගේ පවුල්වලට සහන ලබාදීමටත්, සමාජයේ පිළිසරණක් අවශ්‍ය අයටත් මෙයින් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා. අලුත් සංකල්ප ගොඩක් එක්ක ජනතාවගේ එදිනෙදා ජීවිතයේ සුවපහසුව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සේවාවක් අපි ලබාදෙනවා"මේ ගැන අදහස් දක්වන ඉරාජ් වීරරත්න සදහන් කළේය.

    Latest News