මෙරටට සංචාරක පැමිණිම ඇරඹේ: බල්ගේරියානුවන් 200ක්

ජූනි 20, 2019

    බල්ගේරියානු සංචාරකයින් 200ක කණ්ඩායමක් දිවයිනට පැමිණේ.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරටට එකවර පැමිණි වැඩිම සංචාරක පිරිස එම කණ්ඩායමයි. ඔවුන් ඊයේ හික්කඩුව, සීනිගම ශ්‍රී දෙවොල් මහ දේවාලය නැරඹීමට පැමිණ සිටියහ. දොවොල් බාරකාරවරයා ඇතුළු පිරිස විසින් මහත් හරසරින් සංචාරකයින් පිරිස පිළිගනු ලැබීය. සංචාරක කණ්ඩායම දේවාලයේ පූජාවන්ට ද එක්වූහ. අනතුරුව, දියඹ මුහුදේ පිහිටි දේවාලය නැරඹීමට බෝට්ටු මගින් ගමන් කළේය. එහිදී විදේශිකයන් දැක් වූ අදහස්....

    “අපේ කණ්ඩායම ගොඩක් සතුටින් මේ සංචාරයට එක්වුණා. මම ගොඩක් සංචාරය කළා. වෙනස් විදියේ ස්ථාන ගොඩක් නැරඹුවා. මේ මගේ පළමුවැනි ශ්‍රී ලංකා සංචාරය. ලෝකයේ හොඳ අවංක මිනිස්සු මම ශ්‍රී ලංකාවේදී දැක්කා.

    අපි ශ්‍රී ලංකාවට ගොඩක් කැමතියි. ලස්සන පරිසරයක් තියෙනවා. මිනිසුත් හරිම ප්‍රසන්නයි. ඔක්කොමලා සිනහමුසු මුහුණින් ඉන්නේ. මෙහෙ ගොඩක් ලස්සනයි. මම ගොඩක් කැමතියි. ශ්‍රී ලංකාවට.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 19:15

    Latest News