Apple වලටත් ලෙඩක් වැටෙන ලකුණු

මැයි 23, 2019

    ඇපල් සමාගමේ නිෂ්පාදන චීනය තහනම් කළහොත්, එම ආයතනයේ ලාභය 90%කින් අඩුවනු ඇති බව සුප්‍රකට "ගෝල්ඩ්මන් සව්ස්" ආයතනය පවසයි. ඇපල් සමාගම දුරකථන නිෂ්පාදන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ආයතනයකි.


    ඒ අනූව, එම සමාගමේ ලාභය වාර්ෂිකව බිලියන 15කින් අඩුවනු ඇති බව "ගෝල්ඩ්මන් සච්ස්" ආයතනයේ විශ්ලේෂක රොඩ් හෝල් කියා සිටියි. අමෙරිකාව හා චීනය අතර වෙළඳ අර්බුදය වඩාත් තීව්‍රරවීම සැළකිල්ලට ගනිමින් මෙම විශ්ලේෂණය සිදුකළ බවයි, එම ආයතනය වාර්තා කළේ.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් චීන ආනයන සඳහා ආනයනික බදු වැඩි කිරීමට මේ මස මුල තීරණය කළේය. ඒ හේතුවෙන් අර්බුද රැසක් පැනනැගී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 09:15

    Latest News