කුඩයක් නැතිව ගෙදරින් යන්න එපා

ඔක් 19, 2023
    අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන්, වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

     දිවයිනේ බොහෝ ප්රදේශවලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ වැසි ඇති විය හැකියි.
     
    බස්නාහිර,දකුණ,වයඹ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකි බවයි, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News