කොටස් වෙළඳපොලේ වර්තාගත වෙනසක්

නොවැ 01, 2018

    මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමත් සමග කොටස් වෙළෙඳපොළ සියලු කොටස්වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. 

    පසුගිය වසර 5 කොටස් වෙළෙදපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය ඉකුත් දින තුනේ වාර්තා වී තිබුණි.

    පසුගිය දින කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක අගය විස්සයි දශම එකයි හතරකින් ඉහළ ගොස් ඇති අතර, දර්ශක අගය පන්දහස් නවසිය හැට හතරයි දශම තුනයි දෙකක් ලෙස වාර්තා වී තිබුණි.

    කොටස් මිලියන තිස් එකයි දශම 64ක් අයෝකයන් අතර පසුගිය දිනවල හුවමාරුවී තිබේ.

    සිදුවී ඇති ගණුදෙනු සංඛ්‍යාව 7,729ක්. මේ වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 768ක් වූ අතර, පසුගිය 30 වැනි දා එම අගය සටහන් වූයේ රුපියල් බිලියන 4යි දශම එකක් වශයෙන්.

    මෙම ගණුදෙනු මගින් රුපියල් මිලියන 303ක හා රුපියල් මිලියන 205ක පිරිවැටුම් වාර්තා වී ඇති බවයි ආර්ථික විශේලේෂකයෝ පවසති.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 12:35

    Latest News