ආර්ථිකයට වාසි ගෙනෙන සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

නොවැ 03, 2018

    පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව, සංචාරක අමාත්‍යාංශය පවසයි.

    පසුගිය සැපැත්ම්බර් මස සංචාරකයින් එක් ලක්ෂ හතළිස් නවදහසකට අධික පිරිසක් පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ. එය පසුගිය වසරට සාපේක්ෂව 2.8%ක වර්ධනයක්. එමෙන්ම, ගත වූ මාස 9 ඇතුළත සංචාරකයින් දාහත් ලක්ෂ තිස් එක් දහසකට අධික පිරිසක් පැමිණ තිබේ.

    එය පසුගිය වසරට සාපේක්ෂව 11.6ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි, සංචාරක අමාත්‍යාංශය දන්වා සිටින්නේ.

    ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය වැනි රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

    ආසියා පැසිෆික් කලාපයේ රටවල සංචාරකයින් 47%ක්ද, යුරෝපා රටවලින් 43%ක් ලෙස ද සංචාරකයින් ශ්‍රී ලංකාව සිය සංචාරය සඳහා තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

    පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.9ක් මෙරට ආර්ථිකයට දායක වී ඇති බවයි, සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    මේ වසරේ එය ඉහළ වර්ධනයක් පෙන්වා තිබෙන බව ද ඔවුන් පෙන්වා දෙයි.

    Last modified on සෙනසුරාදා, 03 නොවැම්බර් 2018 10:10

    Latest News