Touch නොකර මුදල් ගන්න මෙන්න අවස්ථාව...

අගෝ 24, 2021

    සම්පත් බැංකුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් පසුගියදා හඳුන්වා දුන්නේය.

    පවතින කොරෝනා වංසගත තත්වය හමුවේ පාරිභෝගිකයන්ට ආරක්ෂිතව මුදල් ආපසු ගැනීමේ හැකියාව උදා කර දීම මෙහි අරමුණයි.

    මෙහිදී සම්පත් වී පේ (we pay) යෙදුම (App) භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය මත දිස්වන කිව් ආර් (QR) කේතය ස්කෑන් කළ යුතු වෙයි. ඇපල් ඇප් ස්ට්‍රෝ (Apple App Store), ගූගල් පේ ස්ට්‍රෝ (Google pay store), හුවාවි ඇප් ගැලරි (Huawei App Galary) වෙතින් සම්පත් වී පේ (we pay)යෙදුම නොමිලයේ බාගත කළ හැකියි.

    දිවයිනපුරා පිහිටුවා ඇති ඕනෑම සම්පත් බැංකු ටෙලර් යන්ත්‍රයකින් මේ ආකාරයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාව පවතියි.මේ පිළිබඳ වැඩිදුර විස්තර 0112303050 යන දුරකථන අංකය ඔස්සේ විමසිය හැකි බවයි සම්පත් බැංකුව පවසන්නේ.

    සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති මෙම සේවාව හඳුන්වා දීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    Latest News