එනසාල් කිලෝවක මිල රුපියල් 13,000 ක්

පෙබ 11, 2021

    එනසාල් කිලෝවක මිල රුපියල් දහතුන් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.

    නකල්ස් කලාපයේ අඩි 3000ට ඉහළ ප්‍රදේශයේ එනසාල් වගාව තහනම් කිරීමත් සමග ලංකාවේ එනසල් හිඟයක් ඇතිවීම හේතුවෙන් මෙලෙස එනසල් මිල ඉහළ යන බව අනාවරණය වේ.

    මීට මාස කීපයකට පෙරදී එනසල් කිලෝවක් අලෙවි කෙරුනේ රුපියල් දොළොස් දහසකටය.

    වියළි එනසාල් කිලෝවක් සකස් කිරීම සඳහා අමු එනසාල් කිලෝහයක් පමණ අවශ්‍ය වේ.

    ඉකුත් වසරේදී (2020) එනසාල් මෙට්‍රික් ටොන් එකකට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති අතර, ඉන් උපයා තිබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17 කි. 

    මෙරට වාර්ෂිකව එනසාල් මෙට්‍රික් ටොන් 32 ක් පාරිභෝජනය කෙරෙන බව අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද පවසයි.

    එනසල් වගාව ප්‍රචලිත කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් පොකුරු ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

    Latest News