චීනයේ නිරිත දිග ප්‍රදේශයන්ට බලපෑ භූකම්පනයක් හේතුවෙන්  65 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්රිහාරයක් එල්ල වී තිබෙනවා. ප්ර්හාරයෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

'හිනම්නෝ' ප්‍රබල සුළි කුණාටුව අද අලුයම දකුණු කොරියාවට ඇතුළු වී තිබෙනවා.  වසර ගණනාවකට පසු එරටට බලපෑ ප්‍රබලම සුළි කුණාටුව මෙයයි.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පාලක පක්ෂයේ නායකත්වය හිමි පුද්ගලයාට එරට අග්‍රාමාත්‍ය ධුරය හිමි වීම විශේෂත්වයක්. වර්තමානයේ බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය ලෙස ක්‍රියා කරන්නේ, කන්සර්වේටිව් පක්ෂයයි.

කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.

ජපන් ආක්‍රමණයට සහ ෆැසිස්ට්වාදී ලෝක යුද්ධයට එරෙහි චීන මහජන යුද ජයග්‍රහණයේ 77 වැනි සංවත්සරය සැමරේ.

බටහිර කොලොම්බියාවේ සිදු වූ පිපිරීමක් හේතුවෙන්, පොලිස් නිලධාරීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පකිස්තානයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,200 ඉක්මවා ගොස් ‍ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කැලිෆෝනියාවේ ප්‍රදේශ ගණනාවකට ලැව් ගින්නකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

‍රුසියාවේ සිට ජර්මනිය වෙත සපයන නෝඩ් ස්ට්‍රිම් ගෑස් නල මාර්ගය සැලසුම් කළ පරිදි අද (03) සිට නැවත විවෘත නොකරන බව රුසියානු රාජ්‍ය බලශක්ති සමාගමක් වන ගෑස්ප්‍රෝම් සමාගම පවසනවා.  

බටහිර ඇෆ්ගනිස්ථානයේ "හෙරාත්" නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉහළ පෙළේ තලේබාන් හිතවාදී විද්වතෙක් සහ සිවිල් වැසියන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා  

"ආටෙමිස් වන්" රොකොට්ටුව අද අභ්‍යාවකාශ ගත කරන බව නාසා ආයතනය පවසනවා. 

චීනයේ ෂෙන්චෞ 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව වෙන්ටියැන් පර්යේෂණාත්මක මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම්වල නිරතවෙති.  

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී හට බරපතල වැඩ සටහිතව තවත් වසර තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 

ඉදිරි මාස කිහිපය තුළ බලශක්ති මිල තවදුරටත් ඉහළ යාම හේතුවෙන් යුරෝපා රටවල සිවිල් ජනතා නොසන්සුන්තාවක් හට ගැනීමේ අවදානමක් පවතින බව, ආර්ථික විශේෂඥයින් පවසනවා.  

ඉන්දියාව විසින් දේශීයව නිපදවන ලද ගුවන් යානා ප්‍රවාහන පළමු නෞකාව, අද දියත් කිරීමට නියමිතයි.

යුක්‍රේනයේ සැ‍පොරීෂියා න්‍යෂ්ටික බලාගාරය, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික කටයුතු පිළිබඳ ඒජන්සියේ නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වුණා.

චීනයේ කොරෝනා වෛරස ව්‍යප්තිය මැඩලීම සඳහා "ශුන්‍ය - කොවිඩ් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව, එරට බලධාරීන් පවසනවා.

1996 වසරින් පසු අමෙරිකානු පුරවැසියන්ගේ ආයු අපේක්ෂා දර්ශකය, වාර්තා ගත ලෙස පහත වැටී තිබෙනවා. සෞඛ්යන අංශ පෙන්වාදී ඇත්තේ, කොරෝනා වෛරසයේ බලපෑම ඊට ප්රරධාන වශයෙන් හේතු වී ඇති බවයි.

කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ලාබාලතම තැනැත්තා ලෙස, ගිනස් වාර්තාවක් පිහිටුවීමට මැක් රදර් ෆර්ඩ් සමත් වී තිබෙනවා.

Latest News