යුක්රේනයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් අවි ආයුද නීතිගත කිරීමට පියවර ගන්නා බව, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.
ඊජිප්තුවේ දේවස්ථානයක ඇතිවූ ගින්නකින්, පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ජෙරුසලමේ බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යේමනයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, පුද්ගලයින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පෝලීයෝ වෛරසය පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා.
යුරෝපානු රටවල් රැසක් දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා.
ඉන්දීයානු සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂිඩ් නියෝක් ප්‍රාන්තයේ පැවති සාහිත්‍ය උත්සවයකදී පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
සියරාලියෝන් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් පසු පුද්ගලයින් 130 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, එරට පොලිසිය පවසනවා.
යුක්රේනයේ සැපුරීෂියා න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල්වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.
ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ලැව් ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් දැඩි ප්රයත්නයක් දරමින් සිටිනවා.
තම රට කොවිඩ් අර්බුදයෙන් ජය ගත් බව, උතුරු කොරියාව සඳහන් කරනවා.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ව්‍යාපාර පිළිබඳ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට පිළිතුරු දීමෙන් වැලකී තිබෙනවා.
චීනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් “ලංග්‍යා” නැමති තවත් වෛරසයක් හඳුනාගෙන තිබෙනවා.
තායිවානයේ තමා සිදු කළ සංචාරය පිළිබඳව කිසිසේත් කනගාටු නොවන බව, අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසි පවසයි.ඇය සඳහන් කරන්නේ, සිය සංචාරය ඉතා වැදගත් වූ බවයි.
රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ විශාල පිපිරීමක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ආයුධ ගබඩාවක් පුපුරා ගොස් ඇති බවයි.
තලෙයිබාන් සාමාජිකයන් රැගත් රථයක් ඉලක්ක කර ගෙන එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින්, ප්‍රබල තලෙයිබාන් සාමාජිකයෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වසර 80කට පසු අධික වර්ශාපතනයක් වාර්තා වී තිබෙනවා.
සිය න්‍යෂ්ටික අවි පරීක්ෂා කිරීමට අමෙරිකාවට අවසර ලබාදීම තාවකාලිකව නතර කරන බව, රුසියාව පවසනවා.