රුසියානු නාවුක හමුදාවට අති නවීන හයිපර්සොනික් මිසයිල ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.
අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසි මතභේදාත්මක ආසියානු චාරිකාවක් ආරම්භ කර තිබෙනවා.
යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයෙන් පලායන සිවිල් වැසියන් ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට එක්සත් රාජධානියට පැමිණ ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ස්පාඤ්ඤයේ උද්ධමනය ඉහළගොස් ඇතැයි, එරට නවතම ආර්ථික දත්ත වාර්තා පෙන්වා දෙනවා.
අමෙරිකාවේ “කෙන්ටකි” ප්‍රාන්තයේ ඇති වූ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්රේන - රුසියානු යුද්ධය හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන හා ආහාර මිල හේතුවෙන් ඇති වූ උද්ධමනය පාලනයට ඇතැම් ආසියානු රටවලට අයත් මහ බැංකු පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ දැමිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ ෆැසිපික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසනවා.
අප්‍රිකාවෙන් පිටතදී මංකි පොක්ස් වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පුද්ගලයා බ්‍රිසීලයෙන් වාර්තා වනවා. ස්පාඤ්ඤයේ ද මංකි පොක්ස් වෛරසය හේතුවෙන් සිදුවූ පළමු මරණය එරට සෞඛ්‍ය බලධාරින් විසින් නිවේදනය කර තිබෙනවා.
අමෙරිකානු ආර්ථීකය මේ වසරේ දෙවැනි කාර්තුවේදීත් අඛණ්ඩව පසුබෑමකට ලක්වී තිබෙනවා.
විරෝධතාකරුවන් පිරිසක් ඉරාක පාර්ලිමේන්තුවට කඩාවැදී තිබෙනවා. එරට පාර්ලිමේන්තුව විසින් අගමැතිවරයා නම් කිරීමත් සමග ඊට විරුද්ධ වූ පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ “බිහාර්” ප්‍රාන්තයේ අකුණු අනතුරුවලින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.
පිලිපීනයේ ප්‍රධානම සහ වඩාත් ජනප්‍රියම දූපත වන “ලුසොන්” හි ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට එරෙහිව විරෝධතාවකට එක් වූ කොංග්රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාවක දේශපාලන විවාදයක් අතරතුර එහි නිවේදිකාව ක්ලාන්ත වී ඇද වැටී තිබෙනවා. මෙය අද විදෙස් මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක් වූ පුවතක් බවට පත් වුණා.
රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එය 2024 වසරේ දී ක්‍රියාත්මක කරන බවයි, එරට බලධාරීන් පවසන්නේ.
ඉතිහාසයේ කැනඩාවේ කතෝලික පාසල්වලදී සිදුවූ සමූහ ඝාතනයන් සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට ස්වදේශීය ජනතාවගෙන් සමාව අයැද සිටිනවා.
යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීමා කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.
කාලගුණික, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමට රුසියාව හේතු වූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එරට විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් පවසනවා.