පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමි කළ හෙලිකොප්ටර් අනතුර

සැප් 21, 2023

    කෙන්යාවේ හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගියා. අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

    එම හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ, කෙන්යාවේ ලාමු ප්‍රාන්තයේදී. ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ, රාත්‍රී මුර ‍සංචාරයේ යෙදී සිටින අතරතුර හෙලිකොප්ටරය මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. හෙලිකොප්ටරයේ සිටි සියලුම හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය මිය ගිය බවට තහවුරු වී තිබෙනවා. දේශසීමා ආසන්නයේ අල් කයිඩා සහය ලබන අල් ෂබාබි කැරලිකාරී කණ්ඩායම් අතර ගැටුම් පවතින අතර, අනතුරට ඔවුන්ගේ සම්බන්ධයක් ඇති බව, සැක කෙරෙනවා.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 15:51

    Latest News