අමෙරිකාවේදී ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

සැප් 18, 2023

    අමෙරිකාවේ නෙවාඩා හි, රේනෝ” නගරයේ ජාතික ශූරතා ගුවන් ධාවන තරගයකදී සිදු වූ අනතුරකින්, ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඔවුන් දෙදෙනා පැදවූ ගුවන් යානා දෙක එකිනෙක ගැටී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    ගුවන් තරගාවලිය අතරතුර ගොඩබැස්සවීමට යාමේදී යානා දෙක එකිනෙක ගැටී තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ ක්‍රිස් රශීන්ග් සහ නික්මැසී යන කැලි‍ෆෝනියානු ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙක්. “රේනෝ එයාර් රේසින්” සමාගම, ඔවුන් දෙදෙනා මරණයට පත් වූ බවට දැනුම් දී තිබෙනවා. රශීන්ග් තරගයේ ශූරතාවය දිනා ඇති අතර නික්මැසී දෙවැනි ස්ථානයට පත් වූ බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරනවා. අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 18 සැප්තැම්බර් 2023 14:54

    Latest News