‍"ලී" අමෙරිකාව කළඹයි ‍

සැප් 16, 2023

    "ලී" සුළි කුණාටුවෙන් අමෙරිකාවට හා කැනඩාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    දැඩි සුළං ප්‍රවාහයත් සමග අධික වර්ෂාපතනයක් ද වාර්තා වන බවයි, කාලගුණ විද්‍යා අංශ පවසන්නේ. “ලී” සුළි කුණාටුව මේ වනවිට අත්ලන්තික් සාගරය හරහා උතුරු දෙසට හමා යමින් පවතින බවයි, වාර්තා වන්නේ. අමෙරිකාවේ “නිව් ඉංග්ලන්ඩ්” කලාපයට හා කැනඩාවේ “ඇට්ලැන්ටික් කැනඩා” කලාපයට අධික වර්ෂාපතනයක්ද වාර්තා වනවා.

    සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම රටවල වෙරළබඩ ප්‍රදේශවලට අඩි 20ක මුහුදු රළ ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බවයි, අමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ අමෙරිකාවේ “මේන්” ප්‍රාන්තයට මේ වන විට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    Latest News