ඊශ්‍රායලය ආසන්නයේ පිපිරීමක්

සැප් 15, 2023

    ඊශ්‍රායල දේශ සීමාව ආසන්න ගාසා තීයේ සිදුවූ පිපිරීමකින් පලස්තීනුවන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    කැරළිකාර කණ්ඩායම් ඊයේ උද්ඝෝෂණ රැල්ලක් මෙහෙයවා තිබෙනවා. ඔවුන් මර්දනය කිරීමට ඊශ්‍රායල හමුදාව වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ, එම අවස්ථාවේ පලස්තීන තරුණයින් කිහිපදෙනෙකු පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක් ආරක්ෂක අංශ වෙත විසි කිරීමේදී එය පුපුරා ගිය බවයි. මීට පෙරද විරෝධතාකරුවන් ආරක්ෂක අංශ වෙත පුපුරණ ද්‍රව්‍ය සහ අත්බෝම්බ කිහිපයක් විසි කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

    Latest News