යුද්ධය තව ටික දවසයි

දෙසැ 15, 2023
    හමාස් සංවිධානය සමග යුද්ධය තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවට ඊශ්රායල ආරක්ෂක අමාත්යවරයා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ, යුද්ධයෙන් නියත ජයක් ලබාගන්නා බවයි.

    දැනට පවතින ගැටුමේ තීව්ර අදියර සති දෙක තුනකින් අවසන් කළ හැකි බව ඊශ්රායලය එක්සත් ජනපද නිලධාරීන්ට ද පවසා ඇතැයි වාර්තා වනවා.

    ගාසා තීරයේ සිවිල් ජීවිත බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්රායලයෙන් ඉල්ලා සිටිනවා.
     
    ගාසා තීරයේ දෙවන නගරය වන ඛාන් යුනිස් වෙත ගොඩබිම් ආක්රමණය ඉකුත් බ්රහස්පතින්දා තීරණාත්මක අවස්ථාවකට පිවිසියා. ඒ ඊශ්රායලය නගර මධ්යයට පහර දීම ආරම්භ කිරීමත් සමගයි.
     
    එහිදී ගාසා තීරය පුරා අන්තර්ජාල සහ දුරකථන ජාල නැවතත් අඩාල වුණා. හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනි දින ඊශ්රායලයට දැඩි ප්රහාරයක් එල්ල කළා. එහිදී 1,200 දෙනෙකු පමණ ඝාතනය කර 240 ක පිරිසක් ප්රාණ ඇපයට ගෙන - ඔවුන්ගෙන් තවත් පිරිසක් කෙටි සටන් විරාමයක් අතරතුර නිදහස් කරනු ලැබුවා.
     
    හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා හි සෞඛ්ය අමාත්යාංශය පවසන්නේ ගාසා යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා 18,700 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 50,000 ක් පමණ තුවාල ලබා ඇති බවයි.

    Latest News