මියයන්නන්ගෙන් 8000ක් නොදරුවන්

දෙසැ 21, 2023
    ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් 20,000 කට වැඩි පිරිසක් මිය ‍ගොස් ඇති බව, හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. සුන්බුන්වලට යට වී මිය ගිය වැසියන් සංඛ්‍යාව, මෙම ලේඛනවලට ඇතුළත් නොවන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මිය ගිය අය අතර ළමුන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 ක් සිටින බව, ගාසා රජයේ මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගොඩබිම් හා ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදු කරනවා.

    රෆා හි රෝහලකට සහ උතුරු ජබාලියා සරණාගත කඳවුරට ඊයේ ප්‍රහාර එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ. මධ්‍යම හා දකුණු ඛාන්යුනිස් නගරයෙන් සියයට 20 ක පමණ ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.
    එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සලය ගාසා තීරයට තවදුරටත් හදිසි මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම කල් දමමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    Latest News