ජම්බු - කාශ්මීර සීමා ක්‍රමයෙන් ඉවතට

සැප් 11, 2019

    ජම්බු හා කාශ්මීර ප්‍රදේශයට පනවා තිබූ සිමා ක්‍රමයෙන් ඉවත් කරන බව, ඉන්දියාව පවසයි.

    ඒ බව ප්‍රකාශ කෙරුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසිවාරය ඊයේ පැවැත්විණ. සිය වාර්තාව ඉදිරිපත් කරමින් ඉන්දියාව පැවසුවේ පකිස්තානයේ සහාය ලැබෙන සන්නද්ධ කණ්ඩායම්වලින් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් ඇති බවයි. දේශසීමා ත්‍රස්තවාදය උත්සන්නවී ඇති බව ඉන්දීය දූත පිරිස මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කළේය.

    ජම්මු හා කාශ්මීරය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග ඉන්දියාවේ ස්වෛරී භාවයට අයත් යැයි ද ඔවුහු කියා සිටියේය. ඉන්දියාවේ මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ජම්මු හා කාශ්මීර සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවයි. මේ අතර කාශ්මීරයේ ජන සංහාරයක් පිළිබඳව පකිස්තානය අනතුරු අඟවයි. පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් කුරේෂි පැවසූයේ ඉන්දියාව හා කිසිඳු සාකච්ජාවක් මේ වන විට නොපෙනෙන බවයි.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 09:57

    Latest News