ඩෝරියන් සුළි කුණාටුව කැනඩාවට

සැප් 08, 2019

    ඩෝරියන් සුළි කුණාටුව කැනඩාවට ඇතුළු වී තිබේ.

    නෝවා ප්‍රාන්තයට අධික වර්ෂාපතනයක් හටගෙන ඇති බව වාර්තාවේ. පැයට කිලෝ මීටර් 160ක සුළඟේ වේගයත් සමඟින් ඩෝරියන් සුළි කුණාටුව කැනඩාවේ හැලිපැක්ස් ප්‍රදේශයට ඇතුළු වී තිබේ. ගස් රැසක් ඉදිරි වැටී ඇති අතර, විදුලිබලය අහිමිව ඇති නිවාස සංඛ්‍යාව හාර ලක්‍ෂ පනස් දහසකට අධිකයි. සහන කටයුතු සඳහා හමුදාව අනුයුක්ත කරන බව කැනඩා මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා පැවසීය. ඩෝරියන් සුළි කුණාටුවෙන් බහමාස් දූපතට ද දැඩි බලපෑම් එල්ලවිය. මියගිය සංඛ්‍යාව 43ක්. සහන මෙහෙයුම් ක්‍රියාත්මක බැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තාවේ. 70 දහසකට අධික පිරිසකට කඩිනම් ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    Latest News