ගොඩබෑමට සුළු මොහොතකට පෙර චන්ද්‍රයාන් -2 සම්බන්ධතා බිඳ වැටෙයි

සැප් 07, 2019

    මීට මාසයකට පමණ පෙර ඉන්දියාව විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රයාන් -2 යානය සඳට කිලෝමීටර් 2.1 ක් පමණ දුරින් සඳ වෙත ළඟා වි තිබියදි ඒ සමග පැවති සම්බන්ධතා බිඳ වැටුන බව ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) පවසයි.

    චන්ද්‍රයාන් -2 යානය සාර්ථකව සඳ මතට ගොඩබෑමට හැකිවූයේ නම් මෘදු ගොඩබෑමක් සිදු කළ 4 වැනි රට බවට ඉන්දියාව පත්වෙනු ඇති. චන්ද්‍රයාන් -2 යානය පසුගිය අගෝස්තු මස 20 වෙනිදා සඳෙහි කක්ෂයට ඇතුල්විය.ර ගුවන් ගත කර මාසයකට පසුව සිකුරාදා (06) දින සඳ මතට ගොඩබෑමට නියමිතව තිබිණ.

    කෙසේ නමුත් සියල්ල මනා ලෙසින් සිදුවෙමින් තිබියදී යානය සහ අභ්‍යවකාශ පාලන මැදිරිය සමග පැවති සම්බන්ධතාවයන් ඇණ හිටිය බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 07:40

    Latest News