ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂය ඉක්මවයි

අගෝ 10, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂ 33,000 ඉක්මවා ගොස් තිබේ.

    වාර්තා වන සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට කෝටි 2 සීමාව ඉක්මවා ගියේය.

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් පිරිසක් ඉන්දියාවෙන් හඳුනා ගෙන ඇති අතර එම සංඛ්‍යාව 62,117ක්. ඊයේ සිදුවූ මරණ 1,013 සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 44,000 ඉක්මවා තිබේ. එරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 22කට අධිකයි. වෛරසය ආසාදනය වීමෙන් ඉන්දීය වෛද්‍යවරුන් 200 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද වාර්තාවේ.

    අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් එක් ලක්‍ෂයක්. ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 47,849 දෙනෙක්. එම කාලසීමාව තුල සිදුවූ කොරෝනා මරණ 534 සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ හැටපන් දහස ඉක්මවා ගියේය. මේ අතර වෛරසයේ දෙවැනි රැල්ලකින් දැඩි බලපෑම් එල්ලවී ඇති ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා මරණ 19ක් සිදුව තිබේ.

    ඕස්ට්‍රේලියාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තාවේ.

    Latest News