චීනයේ කහ මුහුදු ප්‍රදේශයේ අද (15) 9:23ට, Long march 11 මුහුදේ සිට දියත් කිරීමේ ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන්, “Jilin 1” ඇතුළු චන්ද්‍රිකා 9ක් සාර්ථකව කක්ෂගත කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සමාප්ති උත්සවය ඊයේ (15) පස්වරුවේ පැවැත්විණ.

ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ඔහු ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.

කොරෝනා අර්බුදයත් සමග ඉන්දියාවේ රෝගීන් සඳහා ඔක්සිජන් හිඟයක් හටගෙන ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

චීනයේ ෂිංජියෑං ප්‍රාන්තයෙන් සිදු කෙරෙන ආනයන තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ ඊශ්‍රායලය නැවත සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

ඉකුත් පැය 24 තුළ ලොව පුරා අලුතින් කොරෝනා වෛරස ආසාදිතයන් තුන් ලක්ෂ 7930 දෙනෙක් හඳුනාගෙන තිබේ. එය ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ කොරෝනා ගෝලීය ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

දේශගුණික අර්බුද හේතුවෙන් වසර 2050 වන විට ලෝක ජනගහණයෙන් කෝටි 120ක පිරිසක් අවතැන් වීමේ අවදානමක් මතුව ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

අමෙරිකාවේ බටහිර වෙරළ තිරය ආශ්‍රිතව ඇතිවූ ලැව්ගිනිවලින් මියගිය පිරිස 33 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද වනවිට දකුණු ආසියානු කලාපීය රටවල කොරෝනා වෛරස ව්‍යාප්තියේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.

කැනඩාව පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා නොවූ දිනයක් ලෙස ගෙවීගිය පැය 24ක කාලය සනිටුහන් කළ බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.

දෛනිකව වාර්තාවන ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

අමෙරිකාව එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී අදට වසර 19ක් සපිරෙයි.

ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ, අසල්වැසි ඉන්දියාවෙන්.

ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂ නවය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අසූතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර 50 තුළ වන සතුන්ගෙන් තුනෙන් දෙකක් විනාශ වී ඇති බවට වාර්තාවක් පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අක්කර හාරලක්ෂ හැටදහසකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ශිෂ්‍යන් ලෙස සහ ශ්‍රමිකයන් ලෙස සිය රටට ඇතුළු වීමට උත්සහ කළ චීන ජාතිකයින් 1000 කගේ වීසා අවලංගු කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

වේගවත් ජනගහන වර්ධනය ආහාර හා ජල පහසුකම් සීමා වීම මෙන්ම ස්වාභාවික විපත් බහුල වීම යන ​හේතූන් මත 2050 වර්ෂය වන විට ලොව බිලියනයකට අධික ජනතාවක් අවතැන් වීමේ අර්බුදයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට නියමිත බව ගෝලීය පාරිසරික තර්ජන පිළිබඳ තවතම විශ්ලේෂණයකින් අනාවරණය කර ඇත.

Latest News