විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,රිපබ්ලිකන් පක්ෂයේ සභිකයින් දස දෙනෙකු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට සහය දැක්වීමට සූදානම් වන බවයි.
එම නිසා ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයින්ට පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසටද බලපෑම් එල්ල වී තිබේ. පසුගිය බදාදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් අනතුරුව පක්ෂයේ ගැටලු රැසක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.